
සේවා කොන්දේසි කිහිපයක් මුල් කරගනිමින් වික්ටෝරියානු V/Line දුම්රිය සේවකයින් 1000කට අධික පිරිසක් ලබන දෙසැම්බර් 13 වනදා පැය 4ක වර්ජනයක් ආරම්භ කිරීමට සුදානම් වනවා.
ඒ අනුව දෙසැම්බර් 13 වනදා අලුයම 03 ත් පෙරවරු 07 ත් අතර කාලය තුළ සේවකයින් රාජකාරි වලින් ඉවත්වීමටයි පියවර ගෙන ඇත්තේ.
වර්ජනය සඳහා V/Line කාර්ය මණ්ඩලය නිලධාරීන්, දුම්රිය සහයකයින්, දුම්රිය නියාමකවරුන්, දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ පාරිභෝගික සේවා කාර්ය මණ්ඩල නිලධාරීන් සහය පල කර තිබෙනවා.

එම කාලසීමාව තුළ මෙල්බන් සිට පිටත්වන සහ මෙල්බන් බලා පැමිණෙන සියලු දුම්රිය සේවා අවලංගු වන අතර අලුයම දුම්රිය භාවිත කරන මගීන් හට එමගින් බලපෑම් එල්ල වනු ඇති.
කෙසේ වෙතත් බස් සංගම් නිවේදනය කළේ දුම්රිය වර්ජනය පවතින වේලාව තුළ අමතර බස් රථ සහ ට්‍රෑම් සේවා ධාවනයේ යෙදවීමට කටයුතු කරන බවයි.

වර්ජනයේ නියුතු V/Line සේවකයින් ඉල්ලා සිටින්නේ වසර 4ක කාලසිමාව තුළ සියයට 17ක වැටුප් වැඩිවීමක් සහ රැකියා සුරක්ෂිතභාවය සම්බන්දයෙන් සේවකයින් වෙත සහතිකයක් ලබා දෙන ලෙසයි.