ඔස්ට්‍රේලියානුවන් ලක්ෂ 10 කගේ මාසික ගෙවිම් ජනවාරි 01 සිට 06% කින් ඉහළට

ජීවන වියදම හමුවේ පීඩා විදින ඔස්ට්‍රේලියානුවන්ට ලබන ජනවාරි පළමුවනදා සිට වාසිදායක ප්‍රතිලාභ රැසක් හිමිවන බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව දැනට තරුණ – ශිෂ්‍ය හෝ රැකවරණ ආධාර හිමි ලක්ෂ 10 කට ආසන්න පිරිසකගේ මාසික ගෙවිම් සියයට 6කින් ඉහළ දැමීමට නියමිතයි.

දෙසතියක කාලයක් සඳහා තරුණ දීමනා ගෙවීම් අගය ඩොලර් 22.40ත් ඩොලර් 45.60 අතර අගයක් ගන්නා අතර රැකවරණ දීමනා ඩොලර් 153.50 දක්වා ඉහළ යනු ඇති.

මෙහිදි ශිෂ්‍යාධාර ලබන සිසුන් සඳහා ලබා දෙන දෙසතියක ආධාර ඩොලර් 36.20 සිට ඩොලර් 45.60 දක්වා ඉහළ යන අතර ආබාධ සහිත පුද්ගලයින් සඳහා ගෙවනු ලබන දීමනාව ඩොලර් 31.10 සිට ඩොලර් 44.90 ක අගයක් ගන්නා බව සඳහන්.

සමාජ සේවා අමාත්‍ය ඇමන්ඩා රිශ්වර්ත් සඳහන් කළේ ජාතියේ සමාජ ආරක්ෂාව අඛණ්ඩව ශක්තිමත් කිරීමට අවශ්‍ය ආවරණය ලබාදීම මෙහි අරමුණ බවයි.

අවසන් වරට සමාජ ගෙවීම් ඉහල නැංවීමක් සිදුවුයේ පසුගිය සැප්තැම්බර් මාසයේ වන අතර අදාළ ප්‍රතිලාභීන් හට දෙසතියක කාලයක් සඳහා ඩොලර් 40ක වැඩිවීමක් සිදුවුණා.

කෙසේ වෙතත් තමන්ට හිමි ප්‍රතිලාභ පිළිබඳ නවතම තොරතුරු සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගැනීමට හැකියි.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »