ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් සුළි කුණාටු අවධානමක්

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වු මුහුදු තීරයේ සුළි කුණාටු තත්වයක් ඇතිවීමේ අවධානමක් ඇතිවිය හැකි බව කාළගුණ අංශ අනතුරු අගවා තිබෙනවා.

මෙම කාලයට අදාළ පළමු නිවර්තන සුළි කුණාටු තත්වය මෙය වන අතර සොලමන් දුපත්වලට නාවුක සැතපුම් 1000කට ඔබ්බෙන්වු මුහුදු තීරය හරහා ගමන් කරන බවයි වාර්තා වන්නේ.

සුළි කුණාටුවේ ගමන් මග සහ අවධානම පිළිබද නිශ්චිත අනාවැකි පල කිරීමට නොහැකි බව කාලගුණ අංශ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව පවතින නිවරතන තත්වය සුළි කුණාටුවක් බවට පත් වුවහොත් එය “ජැස්පර්” සුළි කුණාටුව ලෙස නම් කරනු ඇති.

සුළි කුණාටු තත්වය හෙට සිට දරුණු නිවර්තන සුළි කුණාටුවක් බවට පත්වීමේ ඉහළ අවධානමක් පවතින බවයි කාලගුණ අංශ සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් ඊළඟ සතිය තුළ සුළි කුණාටු අවධානම ක්වීන්ස්ලන්ඩ් වෙරළ හරහා ගමන් කිරීමක් අපේක්ෂා කරන අතර ජනතාව කාලගුණ නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවීම වැදගත්.

රෝගී සැමියා අවසන් ගමන් යවන්න හැදූ බිරිඳට වැඩ වරදී

ඩිමෙන්ශියා රෝගයෙන් පෙළුණු තම සැමියා එන්නතක් ශරීර ගත කර ඝාතනයට තැත් කළ කාන්තාවක් පිළිබඳ පුවතක් බටහිර ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

Read More »

තරුණයන්ට දුම් පානය කිරීමට නොහැකි වෙන නව නීතියක්

2009 වසරෙන් පසු උපත ලැබූ ඕනෑම අයෙකුට දුම්පානය තහනම් කිරීමට නීති සම්පාදනය කෙරෙන පනත් කෙටුම්පතට එක්සත් රාජධානියේ නීති සම්පාදකයින් සහාය දක්වා තිබෙනවා.

Read More »

අවුරුදු ගීතයක් විකෘති කළ රාජ්‍ය සේවකයෙක් අත්අඩංගුවට

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ශුරීන්ගේ අලුත් අවුරුදු ගීතයක් විකෘත කිරීමේ චෝදනා මත සුරාබදු නිලධාරියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

තමාම නිර්මාණය කර ගත් සොහොන් බිමේ අවසන් ගමන් යන පාලිත තෙවරප්පෙරුම

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා ඔහු විසින්ම නිර්මාණය කර ගත් සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසනවා.

Read More »

කාන්තාවන්ගේ මූලික අවශ්‍යතාවයක් බදුවලින් නිදහස් කරන්නැයි ඉල්ලීම්

බ්‍රිතාන්‍ය කාන්තාවන්ගේ යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා සඳහා බදු මුදල් අය කිරීම සාධාරණ නොවන බවට සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

Read More »