අද සිට මාස 02 ක් cash rate අගය නොවෙනස් මට්ටමක

පොළී අනුපාතික අගයන් නොවෙනස්ව පවත්වාගෙන යාමට ෆෙඩරල් සංචිත බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව cash rate අගය සියයට 4.35 ක් ලෙස ඉදිරි මාසයේදීත් නොවෙනස්ව පවතිනු ඇති.

මෙම වසරට අදාළ අවසාන පොළී අනුපාතික තීරණය අද ප්‍රකාශට පත්කෙරුණා.

උද්ධමනය තරමක් පහළයාමයි මෙම තීන්දුවට හේතුවී ඇත්තේ.

නැවත පොළී අනුපාතික තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ ලබන වසරේ පෙබරවාරි 06 වනදායි.

එබැවින් මාස 02 කට ආසන්න කාලයක් cash rate අගය නොවෙනස්ව පවතින බැවින් ණය වාරිකවල වෙනසක්ද සිදු වන්නේ නැහැ.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »