Search

වර්ජින් වෘත්තීය සමිති පැය 24 ක වර්ජන ක්‍රියාමාර්ග මාලාවකට

පැය 24 ක වර්ජන ක්‍රියාමාර්ග මාලාවකට යොමුවීමට වර්ජින් ගුවන් සේවයේ වෘත්තීය සමිති සැළසුම් කර තිබෙනවා.

ඊයේ පැවති අභ්‍යන්තර ඡන්ද විමසීමකදී සියයට 98 කට වැඩි පිරිසක් ඊට පක්ෂව ඡන්දය ලබාදී ඇති බව සඳහන්.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගත් සමග නත්තල් දිනවල ගුවන් ගමන්වල නිරතවන විශාල පිරිසකට දැඩි බාධා එල්ලවනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.

ඉහළ වැටුප් සහ සේවා ගුණාත්මක භාවය ඉහළ දමන ලෙස ඉල්ලමිනුයි වර්ජින් වෘත්තීය සමිති මෙම වර්ජන මාලාව සැළසුම් කර ඇත්තේ.

වසර 03 ක් තුළදී සියයට 15 ක් හෙවත් ඩොලර් මිලියන 50 ක් වෙන් කෙරෙන වැටුප් වැඩිවීම වෘත්තීය සමිති විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ වෙනුවට සියයට 29 ක වැටුප් වැඩිවීමක් අවශ්‍ය බවයි ඔවුන් අවධාරණය කර සිටින්නේ.

ලබන සිකුරාදා දිනයේදී පාලනාධිකාරිය සමග පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවකින් අනතුරුව මේ සම්බන්ධ අවසාන තීන්දුවක් ගැනීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ඔස්ට්‍රේලියාවෙන් වසර 20කට ක්‍රිකට් තහනමක්

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට වසර 20ක තහනමක් පැනවීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Read More »