2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලෙහි සත්කාරකත්වයෙන් ඉවත් වන්නැයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත අගමැතිනියට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.
එම අධික මුදල භාවිත කර ප්‍රාන්තවාසීන් දැනට මුහුණ දෙන ජීවන වියදම් ගැටලුව විසඳන ලෙසයි එමගින් ඉල්ලා ඇත්තේ.
ඔලිම්පික් උළෙලෙහි පිරිවැය සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සහ බ්‍රිස්බන් නාගරික කවුන්සිලය අතර මතභේදයක් පවතින අවස්ථාවකයි මෙම ඉල්ලීම ඉදිරිපත්වී ඇත්තේ.
2032 බ්‍රිස්බන් ඔලිම්පික් තරගාවලි සංවිධාන කමිටුවෙන් බ්‍රිස්බන් නගරාධිපති ඒඩ්‍රියන් ශ්‍රිනර් ඊයේ ඉල්ලා අස්වුණා.
වත්මන් ප්‍රාන්ත අගමැතිනියගේ පාලනය හමුවේ තරගාවලිය අසාර්ථක ගමනකට යොමුවී ඇති බවටයි ඔහු චෝදනා කරන්නේ.
ගැබා ක්‍රීඩාංගණයේ අලූත්වැඩියා සඳහා බ්‍රිස්බන් නාගරික කවුන්සිලය විසින් ලබාදීමට එකගවූ ඩොලර් බිලියන 2.7 ක මුදල අත්හිටුවීමටද නගරාධිපතිවරයා විසින් තීරණය කරනු ලැබුවා.
2032 ඔලිම්පික් උත්සවය සඳහා වැයවන සමස්ත මුදල ඩොලර් බිලියන 07 ක් ලෙසයි තක්සේරු කර ඇත්තේ.
ඊට ඩොලර් බිලියන 3.4 ක ප්‍රතිපාදන ෆෙඩරල් රජය විසින් සැපයීමටත් ඉතිරි ඩොලර් බිලියන 3.6 ක මුදල ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් ලබාදීමටයි නියමිතව ඇත්තේ.