
පැය කිහිපයක් පුරා ඇණහිට තිබූ වෙස්ට්පැක් බැංකුවේ ඔන්ලයින් සේවා යථා තත්වයට පත් කර තිබෙනවා.
මෙම සේවා බිඳවැටීම හේතුවෙන් ලොව පුරා ගණුදෙනුකරුවන් මිලියන 13 කට පමණ බලපෑම් එල්ලවී පැවති බව සඳහන්.
ඊයේ රාත්‍රී 09.20 ට පමණ පළමුවෙන් මෙම දෝෂය හඳුනාගෙන තිබූ අතර සිය ඔන්ලයින් ගිණුමට පිවිසිය නොහැකි බවට වෙස්ට්පැක් ගණුදෙනුකරුවන් විශාල පිරිසක් පැමිණිලි කර තිබුණා.

වෙස්ට්පැක් බැංකුවට එක් අවස්ථාවකදී පැමිණිලි 10,400 ක් ලැබී තිබූ බවයි වාර්තා වන්නේ.
මෙම සේවා බිඳවැටීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බව වෙස්ට්පැක් බැංකුව සඳහන් කලා.
