ඔස්ට්‍රේලියාවේ කැළෑ හාවුන්ගේ ඝණත්වය ඉහළට

පවතින එල්නිනෝ කාලගුණික හමුවේ ඇතැම් ප්‍රදේශවල තෘණ කලාප හොදින් වැඩීමත් සමග ඔස්ටේ්‍රලියාවේ කැළෑ හාවුන්ගේ ඝණත්වය ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව රට පුරා ඉහළ ගොස් ඇති හා ඝණත්වය මර්ධනය සඳහා ජෛව පාලන මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි ඉඩම් හිමියන්ට දන්වා ඇත්තේ.

සමස්ථයක් ලෙස රට පුරා වියළි කාළගුනික තත්වයක් පැවතියද වර්ෂාධික ප්‍රදේශයන්ගේ හාවුන්ගේ ඝණත්වය සැලකියයුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

හාවුන්ට වසරකට 12 වරක් පැටවුන් බෝකිරිමේ හැකියාව පවතින අතර මේ හේතුවෙන් පරිසර පද්ධතියට වාර්ෂිකව සිදුවන හානිය ඩොලර් මිලියන 217 ක්.

මෙම තත්වය මර්ධනය කිරීමට නොහැකි වන්නේ නම් රටේ සමස්ථ වියදමින් සියයට 10ක් හාවුන් නිසා සිදුවන හානි පාලනය සඳහා යෙදවීමට සිදුවන බව සඳහන්.

එල්ලිනෝ කාලගුණික තත්වය පහව යෑමත් සමග හාවුන් මර්ධනය සඳහා නිර්දේශකර ඇති ඖෂධ භාවිත කරන ලෙස ඉඩම් හිමියන්ට දන්වා ඇති අතර එමගින් හා ඝණත්වය සියයට 90කින් පාලනය කර ගැනීමට හැකි වන බවයි ආක්‍රමණශීලී සත්ව විශේෂ පාලන මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »