NSW ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව වැරදී දඩුවම් කාලය දෙගුණ කෙරේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව වැරදී සම්බන්ධයෙන් ලබා දෙන නියෝග තවදුරටත් පුලුල් කිරීමෙන් සිදුවිය හැකි ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කල හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

ඒ අනුව ගෘහස්ථ හිංසනයකට සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ කාලසීමාව දෙගුණයකින් වැඩි කිරිමටයි සැලසුම් කර ඇත්තේ.

2008 ව්‍යවස්ථා ප්‍රකාරව ගෘහස්ත ප්‍රචණ්ඩත්ව වැරදි සම්බන්දයෙන් ලබා දෙන අවම බන්ධනාගාර කාලය මාස 12 සිට මාස 24 දක්වා වැඩි කිරිම වඩාත් සුදුසු බව හඳුනාගෙන තිබෙනවා.

නිව් සවුත් වේල්ස් අපරාධ සංඛ්‍යාලේඛන හා පර්යේෂණ කාර්යාංශය දත්ත අනුව පෙනී යන්නේ මෙලෙස දඩුවම් කාලය දීර්ඝ කිරීමෙන් නැවත වරදක් සඳහා පෙළඹීමේ අවස්ථාව සියයට සියයට 41 ත් 59 ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇති බවයි

එම කාර්යාංශය සඳහන් කළේ ගෘහස්ථ හිංසනය අවම කිරීම සඳහා දඩුවම් කාලය දීර්ඝ කිරීමේ නියෝග වඩාත් ඵලදායී වන බවයි.

විශේෂයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 2022 වසරේ සිදු වූ මනුෂ්‍ය ඝාතනවලින් තුනෙන් එකකට වඩා පවුල් ආශ්‍රිත ගෘහස්ථ හිංසන හා සම්බන්ධ වන අතර ගෘහස්ත හිංසනය මිනීමැරුම් ගණයට අයත් වරදක් බවට පත්කරමින් පසුගිය නොවැම්බර් මස ප්‍රාන්ත පාර්ලිමේන්තුව වෙත පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබුණා.

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »