වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

පොලී අනුපාතිකය ඉහළ යෑම සහ අධික ජීවන වියදම් පිඩනය හමුවේ පාරිභෝගිකයින්ගේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් පහත වැටී ඇති අතර ප්‍රාන්ත ව්‍යාපාරික ප්‍රජාව පවසන්නේ මෙවර උත්සව සමයේ අඩු විකුණුම් ප්‍රමාණයක් සිදුවනු ඇති බවයි.

මේ අතර මෙම වසරේ අවසන් වරට ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානීන් අද රැස්වීමට නියමිත අතර cash rate අගයෙහි කිසිදු වෙනසක් සිදු නොවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

බැංකු පොලී අනුපාතිකය මාස 4ක් පුරා සියයට 4.10ක ස්ථාවර අගයක් පවත්වාගෙන ආ අතර නොවැම්බර් මස එම අගය සියයට 4.35 ක් දක්වා ඉහළ දැමීම හමුවේ ව්‍යාපාරිකයින් මෙන්ම පාරිභෝගිකයින් ද දැඩි අපහසුතාවකට පත්වුණා.

සමීක්ෂණයට සහභාගී වු ප්‍රාන්ත ව්‍යාපාර 845 මගින් තහවුරු වී ඇත්තේ රක්ෂණ – කුලී වියදම් සහ බලශක්තිය පිරියැට හේතුවෙන් තම ව්‍යාපාර කඩාවැටීමට ලක්ව ඇති බවයි.

මෙම තත්වය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්නේ නම් සමස්ථ ව්‍යාපාර ජාලයටම බලපෑම් ඇති කරන බවයි නිව් සවුත් වේල්ස් ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන විධායක ඩැනියෙල් හන්ටර් අවධාරණය කර ඇත්තේ.

දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »