ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

ඒ අනුව පසුගිය නොවැම්බර් මස ගෘහාශ්‍රිත වියදම සැලකිල්ලට ගනිමින් Finder පර්යේෂණ ආයතනය පෙන්වා දෙන්නේ සෑම පුද්ගලයින් හතර දෙනෙකුගෙන් තිදෙනෙකු මෙලෙස දැඩි මූල්‍ය ආතතියකින් පසුවන බවයි.

නිවාස ආතතිය, වැටුප් අපේක්ෂාවන්, ගෘහස්ත ණය, මූල්‍ය ආතතිය, ගෘහස්ථ ඉතුරුම්, නිවාඩු සැලසුම් කිරීම්, ක්‍රෙඩිට් කාඩ් වියදම්, පොලී අනුපාතිකය, දේපල මිල සහ උද්ධමනයේ බලපෑම යන කරුණු සැලකිල්ලට ගනිමින් Finder සහ ෆෙඩරල් සංචිත බැංකුව ඒකාබද්ධව අදාළ සමීක්ෂණය සිදු කර තිබුණා.

වසර තුනකට පෙර ගෘහස්ත මූල්‍ය ආතතිය සටහන්ව ඇත්තේ සියයට 45ක් ලෙසයි.

2023 වසරේ දැඩී මූල්‍ය ආතතිය සහිත මාසය ලෙස මැයි මස නම් කර ඇති අතර එම අගය සියයට 85 වු අතර නොවැම්බර් මස වන විට මූල්‍ය ආතතියෙහි සුලු පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා.

සමීක්ෂණ වාර්තා අනුව පෙනී යන්නේ ඉහළ යන වියදම දැරිය නොහැකී නිවාස මිල ගණන් සහා මූල්‍ය කළමණාකරණයේ ගැටලු හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මූල්‍ය ආතතියෙන් පෙළෙන අතර ඒ සඳහා ජනතාව අයවැය සහන අපේක්ෂා කරන බව ද සඳහන්.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »