දිනපතා ලිපි බෙදා හැරීම සීමා කිරීමට Australia Post වෙතින් තීරණයක්

ඩොලර් මිලියන 200 ක පාඩු ලැබීමත් සමග දිනපතා ලිපි බෙදා හැරීම සීමා කිරීමට ඔස්ට්‍රේලියානු තැපෑල (Australia Post) පියවර ගෙන තිබෙනවා.

නව වෙනස්කම් යටතේ පාර්සල් බෙදාහැරීම දින පතා සිදුවන අතර තැපෑල ඔස්සේ ලිපි බෙදා හැරිම දින දෙකක් හෝ තුනක් ප්‍රමාධ වනු ඇති.

ඔස්ට්‍රේලියානු පවුලක් සඳහා සතියකට ලැබෙන ලිපි සංඛ්‍යාව 2ක් හෝ තුනක් වන බැවින් දිනපතා ලිපි බෙදාහැරීම සීමා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර ෆෙඩරල් රජය අවධාරණය කර ඇත්තේ ඔස්ට්‍රේලියානු තැපෑලෙහි පොදු අයිතිය තබා ගැනීමට කටයුතු කරන නමුත් තවදුරටත් තැපෑල තිරසාර විය යුතු බවයි.

කෙසේ වෙතත් Black Friday සමගාමීව තැපෑල ඔස්සේ පාර්සල් බෙදා හැරීමේ වර්ධනයක් පෙන්නුම් කල අතර නත්තලත් සමග තවදුරටත් පාර්සල් බෙදා හැරීම වේගවත් කිරීමේ අරමුණින් ලිපි බෙදා හැරීම සිමා කර ඇති බවයි වාර්තා වන්නේ.

උත්සව සමය තුළ ප්‍රමාදයකින් තොරව ලිපි හා පාර්සල් බෙදා හැරීමට අදාළව සාමාන්‍ය තැපෑල සඳහා ලිපි හා පාර්සල් භාරදීමේ කාලසීමාවක් ද පසුගියදා නිවේදනය කර තිබුණා.

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »