Search

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

සයිබර් ආරක්ෂණ පර්යේෂණ සංවිධාන දත්ත අනුව පෙනී යන්නේ පසුගිය උත්සව සමයේ අන්තර්ජාල වංචනික ක්‍රියාවන්ට හසුවු ප්‍රමාණය සියයට 37ක් වු අතර මෙවර එම අගයෙහි වැඩිවිමක් පෙන්නුම් කරන බවයි.

අන්තර්ජාලය ඔස්සේ සාපු සවාරි යන්නන්ගෙන් වැඩි පිරිසක් මෙලෙස වංචනික ක්‍රියාවන්ට හසුවීම බරපතල තත්වයක් වන අතර අදාළ භාණ්ඩ හා සේවා මිලදීගැනීට පෙර එහි විශ්වාසදායිතාව පිළිබඳ අවධාණයෙන් පසුවන ලෙස පාරිභෝගිකයින්ට අනතුරු අගවා තිබෙනවා.

විශාල වට්ටම් සහ දිමනා ලබා දෙන මුවාවෙන් ව්‍යාජ වෙබ් අඩවි ඔස්සේ පාරිභෝගිකයින් වංචනික ක්‍රියා සඳහා පොළඹවා ගැනීමක් සිදු කර ඇති අතර එහි ව්‍යාජභාවය හඳුනා ගැනීමට නොහැකි වන අයුරින් අදාළ වෙබ් අඩවි නිර්මාණය කර තිබිම ද විශේෂත්වයක්.

අනන්‍යතාව තහවුරු නොවන ඊමේල් සහ කෙටි පණිවුඩ වෙත පිවිසීමෙන් වලකින ලෙස පාරිභෝගිකයින්ට උපදෙස් දෙන අතර විශ්වාසදායක වෙබ් අඩවි සමග ගණුදෙනු කිරීමට වඩාත් සුදුසු බවයි සයිබර් ආරක්ෂණ පර්යේෂණ ආයතනය අවධාරණය කර ඇත්තේ.

වසරේ ගතවු මුල් මාස 10 තුළ අන්තර්ජාල වංචනික ක්‍රියාවන්ට හසුවීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට අහිමි වූ මුදල ඩොලර් මිලියන 429ක් වන අතර ඉන් ඩොලර් මිලියන 92ක්ම ව්‍යාජ වෙළඳනාමල බඳවා ගැනීම් හා ව්‍යාජ වෙබ් අඩවි මගින් සිදුවු අපරාධ බව සඳහන්.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »