වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාර නවෝත්පාදන හා ආයෝජක වීසා වැඩසටහන (BIIP) 2021 ජනවාරි 4 වන දින සිට විවෘත වේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාර නවෝත්පාදන හා ආයෝජක වීසා වැඩසටහන (BIIP) 2021 ජනවාරි 4 වන දින සිට විවෘත වේ.

වික්ටෝරියා හි 2020-21 ව්‍යාපාර සහ ආයෝජක වීසා නාම යෝජනා වැඩසටහන/Business Innovation and Investment Program (උප පංති 188 A, 188 B, සහ 188 E ධාරාවන් සහ උප පංති 132A සහ 132B ධාරාවන්) 2021 ජනවාරි 4 වන සඳුදා උදේ 10 ට නැවත විවෘත වේ.

Significant Investor (උප පංතිය 188 C) වීසා සඳහා අයදුම්පත් නාම යෝජනා පසුගිය​ නොවැම්බර් 30 සඳුදා විවෘත විය.

පොදුරාජ්‍ය මණ්ඩලීය ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් වික්ටෝරියා රජයට තවත් වීසා නාම යෝජනා ස්ථාන 1,350 ක් වෙන් කර ඇති අතර, එය කලින් වෙන් කල අතුරු යෝජනා ක්‍රමයේ නිකුත් කල ස්ථාන 400ට අමතරව නිකුත් කල ස්ථාන ගණන වේ. ඒ අනුව​, 2020-21 ව්‍යාපාර නවෝත්පාදන හා ආයෝජන වැඩසටහන (BIIP) සඳහා වෙන් කර ඇති මුළු ස්ථාන සංඛ්‍යාව 1,750 කි.

නාමයෝජනා සුදුසුකම් නිර්ණායක වෙනස් කිරීම

රාජ්‍ය නාමයෝජනා නිර්ණායකවල වෙනස්කම් සහිතව BIIP 2021 ජනවාරි 4 වන දින නැවත විවෘත කරනු ඇත. එබැවින් ඔබ නවතම අවශ්‍යතා සමාලෝචනය කිරීම වැදගත් වේ.

පහත දැක්වෙන කරුණු ඔස්සේ මෙවර BIIP වැඩසටහන පැවැත්වීමට නියමිතය​.

1. වික්ටෝරියානුවන් සඳහා නව රැකියා උත්පාදනය කිරීම
2. උපායමාර්ගික අංශවල නවෝත්පාදනයන් වැඩි දියුණු කිරීම (ඩිජිටල් තාක්ෂණ, උසස් නිෂ්පාදන, සෞඛ්‍ය හා ජීවිත විද්‍යා, කෘෂි ආහාර, නව බලශක්ති, ආර්ථික සහ ප්‍රමුඛතා ධාරාවන්)
3. STEMM (විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය සහ වෛද්‍ය විද්‍යාව) යන ක්ෂේත්‍රයන්හි ඔවුන්ගේ සුදුසුකම් උපයෝගී කර ගනිමින් ව්‍යාපාර ඇති කිරීම.

අදාළ උප පංතිය යටතේ වික්ටෝරියා හි ව්‍යාපාර නවෝත්පාදන හා ආයෝජන වැඩසටහන (BIIP) සඳහා නව නාමයෝජනා නිර්ණායක පිළිබඳ විස්තර පහත වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය​.

New nomination criteria for Victoria’s Business Innovation and Investment Program (BIIP) 

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »

දේව මෙහෙය අතර පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් පළමු වරට විශේෂ ප්‍රකාශයක්

අන්තර්ජාලය ඔස්සේ විකාශය වෙමින් තිබූ දේව මෙහෙය අතර තමාට පිහියෙන් අනිනු ලැබූ තරුණයාට සමාව දෙන බව මාරි එම්මානුවෙල් රදගුරුතුමා පවසනවා.

Read More »

පිහි ඇනුමෙන් පසු විවෘත වූ Westfield සාප්පු සංකීර්ණයේ වෙළඳසැල් හිමිකරුවන්ට සහනයක්

6 දෙනෙකුට ජීවිත අහිමි කළ පිහි ඇනුමෙන් පසු පළමු වරට සිඩ්නි බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණය අද පෙරවරු 11ට විවෘත කෙරුණා.

Read More »