Search

Smoke alarms ගැන වික්ටෝරියාවෙන් භයානක අනාවරණයක්

හදිසි අවස්ථාවකදී කුඩා ළමුන් අවධි කිරීමට සාමාන්‍ය ගිනි අනතුරු ඇගවීම් සංඥාවලට (smoke alarms) නොහැකි බව අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.

දැනට වෙළඳපොළෙහි අලෙවි වන smoke alarms හි සාමාන්‍ය ශබ්දය ඩෙසිබල් 75 ක් පමණ වනවා.

එහෙත් ළමුන් 10 දෙනෙකුගෙන් 08 දෙනෙකු අවධි කිරීමට එම ශබ්දය ප්‍රමාණවත් නොමැති බවයි වික්ටෝරියා විශ්ව විද්‍යාලය සිදුකර ඇති අධ්‍යයනයකදී අනාවරණය වී ඇත්තේ.

විශේෂයෙන් රාත්‍රී කාලයේ ගැඹුරු නින්දක සිටින විට ගින්නක් හටගත් අවස්ථාවකදී මෙය අතිශය අනතුරුදායක බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

smoke alarms සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය විසින් මේ වනවිටත් නව රෙගුලාසි පණවා තිබෙනවා.

ඒ අනුව කිසියම් නිවසක දැනට සවිකර ගිනි අනතුරු ඇගවීම් සංඥාවසර 10 කට වඩා පැරණි නම් ඒවා ඉවත් කර නව සංඥා සවි කිරීම අනිවාර්යයි.

Auslankatv Today’s Top Stories.2024.10.06

වැරදි පුරුදු නිසා ඔස්ට්‍රේලියා තරුණයන්ට රැකියා අහිමි වීමේ අවදානමක් පිළිකා ඇති ඔස්ට්‍රේලියානුවන්ට මෙල්බන්වලින් සුබ ආරංචියක් මෙල්බන්වලදී ශ්‍රී ලාංකිකයෙකුගේ මෝටර් රථයක් පැහැරගනී ඔක්තෝබර් මාසයේ Long Weekend

Read More »

ඔස්ට්‍රේලියාවේ මාරක මකුළුවෙකුගේ විෂ මගින් හෘද රෝගීන්ට ප්‍රතිකාරයක්

ඔස්ට්‍රේලියාවේ මාරාන්තික මකුළුවෙකුගේ විෂ භාවිතා කර හෘද රෝගීන් සඳහා ඖෂධයක් නිපදවීමට මෙරට විශේෂඥයන් පිරිසක් සමත්ව තිබෙනවා.

Read More »

ජීවිත දෙකක් නැති කළ වික්ටෝරියා ප්‍රාන්තයේ අනතුර

වික්ටෝරියා ප්‍රාන්තයේ ටුබුට් (Tubbut) ප්‍රදේශයේ බගී (buggy) රථයක් අනතුරට ලක්වීමෙන් කුඩා දරුවෙක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »