වයස 44 ත් 49 ත් අතර කාන්තාවන් 1/7 කට ගර්භාෂ රෝගයක්

වයස අවුරුදු 44 ත් 49 ත් අතර පසුවන මෙරට සෑම කාන්තාවන් 7 දෙනෙකුගෙන් එක් අයෙකු ගර්භාෂ රෝගයකින් පෙළෙන බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 14 ක් වන අතර 2021 සහ 2022 වසර තුළදී රෝහල්ගත කර ඇති කාන්තාවන් සංඛ්‍යාව 40,500 ක්.

පසුගිය දශකය තුල දී පමණක් මෙම රෝගය හේතුවෙන් වසය අවුරුදු 20 ත් 24 ත් වියෙහි පසුවන කාන්තාවන් රෝහල් ගතවීමේ ප්‍රමාණයද දෙගුණ වී ඇති බවයි වාර්තා වන්නේ.

ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලය මගින් සිදු කළ පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ 1989 සහ 1995 අතර උපත ලද කාන්තාවන්ගෙන් සියයට 9.2 ක් ඉහත රෝගයෙන් පෙළෙන බවයි.

1973 සහ 1978 අතර උපත ලද කාන්තාවන්ගෙන් එම රෝග ලක්ෂණ මතුවීමේ ප්‍රවණතාව සියයට 6.9 ක්.

ආර්ථික අපහසුතා සහිත දුර බැහැර ප්‍රදේශයන් හි වෙසෙන කාන්තාවන් මේ සම්බන්ධ දැනුවත්භාවය ද අවම වන අතර ප්‍රතිකාර වෙත යොමු වීම් ද අවම බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »