
රැඳවුම් භාරයෙන් නිදහස් කෙරෙන අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන නීති පිළිබඳ අවසන් තීන්දුව ෆෙඩරල් පාර්ලිමේන්තුව විසින් මෙම සතියේදී ගැනීමට නියමිතයි.
මහාධිකරණ තීන්දුව අනුව යමින් මෙම නීති සකස් කර ඇති බවයි ඇන්තනී ඇල්බනීස් රජය නිවේදනය කලේ.
යෝජිත නව නීති අනුව කිසියම් අනවසර සංක්‍රමණිකයෙකුට අදාළව තර්ජනයක් පවතීද නොමැතිද යන අවසාන තීන්දුව ගැනීමේ බලය අධිකරණයට පැවරෙනු ඇති.

කිසියම් අයුරකින් අධිකරණය සෑහීමකට පත්වන්නේ නම් එම තැනැත්තා සමාජයට මුදා හැරීමෙන් තොරව බන්ධනාගාරගත කිරීමකට පවා ලක්විය හැකියි.
වසර 20 ක් පමණ පැරණි රෙගුලාසියක් අහෝසි කරමින් මහාධිකරණය විසින් පසුගියදා අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුවත් සමග ඔස්ටේ්‍රලියාවේ සංක්‍රමණ ක්ෂේත්‍රය තුළ මේ වනවිට දැඩි ආන්දෝලනාත්මක තත්වයකුයි පවතින්නේ.
