Search

නිවු සවුත් වේල්ස් දරුණුතම අපරාධකරු ඩාර්වින් නගරයට

නිවු සවුත් වේල්ස් පොලිස් වාර්තා අනුව දරුණුතම අපරාධකරු ලෙස සැළකෙන මසූඩ් සකාරියා තුර්කියෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව ඩාර්වින් නගරයට පැමිණිමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

28 හැවිරිදි මොහු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් රටින් පළාගොස් තිබුණේ මීට වසර 02 කට ඉහතදීයි.

පුද්ගල ඝාතන රැසක් සම්බන්ධයෙන් මෙම තැනැත්තාට එරෙහිව චෝදනා පවතිනවා.

මොහු සිඩ්නි දක්වා රැගෙන ඒමෙන් අනතුරුව අදාළ සිදුවීම් සඳහා වෙන් වෙන් වශයෙන් චෝදනා ගොණු කෙරෙනු ඇති.

සැකකරු තුර්කි බළධාරීන් විසින් රැඳවුම් භාරයට ගනු ලැබුවේ පසුගිය ජනවාරි මාසයේදීයි.

250km/h වේගයෙන් ගමන් කළ හැකි දුම්රිය මාර්ගයක් මෙල්බන් ඇතුලු නගර 4කට

ඔස්ට්‍රේලියානුවන් වසර 40ක් බලා සිටි අධිවේගි දුම්‍ රිය මාර්ග ව්‍යාප්තියේ වැඩ 2030 වසර වන විට අවසන් වනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

Read More »