2026 පොදු රාජ්‍ය ක්‍රීඩා උළෙලෙ භාර ගැනීමේ අදහස ගෝල්ඩ් කෝස්ට් නගරය ද අත්හැර දමයි

වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් සත්කාරකත්වයෙන් ඉවත්වූ 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙහි සත්කාරකත්වය භාර ගැනීමේ අදහස ගෝල්ඩ් කෝස්ට් නගරය විසින් ද අත්හැර දමා තිබෙනවා.

ඒ ෆෙඩරල් රජය සහ ප්‍රාන්ත රජයන් විසින් අවශ්‍ය ඩොලර් මිලියන 700 ක ප්‍රතිපාදන ලබාදීමට එකගතාවයක් ඇතිකර නොගැනීම හේතුවෙනුයි.

ගෝල්ඩ් කෝස්ට් නගරාධිපති ටොම් ටේට් සඳහන් කලේ තරගාවලිය පැවැත්වීමට උපරිම කැපවීමෙන් කටයුතු කලද එය සාර්ථක කරගත නොහැකි වන්නේ යැයි පෙනී යන බවයි.

මෙම තීරණයත් සමග 2026 වසරේදී ඔස්ටේ්‍රලියාව තුළ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් පැවැත්වීමේ අවස්ථාය මුලුමණින්ම ගිලිහී යනු ඇති.

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙහි සත්කාරකත්වයෙන් වික්ටෝරියා රජය පළමුවෙන් ඉවත්වූයේ එහි අධික පිරිවැය හේතුවෙනුයි.

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුම ගැන තොරතුරු හෙළිවෙයි

සිඩ්නි හි නිරිතදිග ප්‍රදේශයේ දේවස්ථානයකදී බිෂොප්වරයෙකු ඇතුලු 4 දෙනෙකුට තුවාල සිදු වූ පිහි ඇනුම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »