සුපිරි වෙළඳසැල් ලාභ ගැන මැදිහත්වන්නැයි ෆෙඩරල් පාර්ලිමේන්තුවට ඉල්ලීමක්

Coles සහ Woolworths සුපිරි වෙළඳසැල් ජාල 02 විසින් ලබන ඉහළ ලාභ සහ භාණ්ඩ මිළ සම්බන්ධයෙන් මැදිහත් වන්නැයි ෆෙඩරල් පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කිරීමට ග්‍රීන්ස් පක්ෂය සූදානම් වනවා.

ආහාර මිළ සීඝ්‍රයෙන් ඉහළයාමට සුපිරි වෙළඳසැල් ද වගකිව යුතු බවටයි චෝදනා එල්ල වන්නේ.

ජීවන වියදම ඉහළයාම හමුවේ ඔස්ටේ්‍රලියානුවන් අති බහුතරයක් ආහාර වියදම් කපා හැර ඇති වාතාවරණයකදී සුපිරි වෙළඳසැල් ඩොලර් බිලියන ගණනින් ආදායම් ලබන බව සමීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

එබැවින් මෙලෙස අයුතු ලාභ ලැබීම වළක්වාලීමට පාර්ලිමේන්තුව විසින් වහා මැදිහත්විය යුතු බවයි ග්‍රීන්ස් පක්ෂය අවධාරණය කරන්නේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මේ සම්බන්ධයෙන් සිදුකරන මැදිහත්වීම ප්‍රමාණවත් නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »