වික්ටෝරියානු ප්‍රාන්තයේ 190 සහ 491 යන වීසා සඳහා නාම යෝජනා වැඩසටහන,  සුදුසුකම් නිර්ණායකවල වෙනසක් සමඟ එළඹෙන ජනවාරියේ සිට​ නැවත විවෘත වේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ 190 සහ 491 යන වීසා සඳහා නාම යෝජනා වැඩසටහන,  සුදුසුකම් නිර්ණායකවල වෙනසක් සමඟ එළඹෙන ජනවාරියේ සිට​ නැවත විවෘත වේ.

වික්ටෝරියා හි සම්පූර්ණ 2020-21 පුහුණු වීසා නාම යෝජනා වැඩසටහන (උප පංති 190 සහ 491) 2021 ජනවාරි 5 වන අඟහරුවාදා උදේ 10 ට නැවත විවෘත වේ.

මීට පෙර පවත්වනු ලැබූ අතුරු වැඩසටහන මෙන්, මෙම​ වැඩසටහන වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවා නගා සිටුවීම සහ ආර්ථික ප්‍රකෘතිය කෙරෙහි අවධානය යොමු කරමින්, කොරෝනා වෛරස් වසංගතය විසින් මතු කරන අභියෝගයන්ට ප්‍රතිචාර දක්වයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අන්තර්වාර වැඩසටහනේ කොටසක් ලෙස ලබා දී ඇති ස්ථානවලට අමතරව වික්ටෝරියානු රජයට තවදුරටත් වීසා නාමයෝජනා ලබා දී ඇත. වික්ටෝරියා හි 2020-21 වැඩසටහන් වර්ෂය සඳහා නිපුණ වීසා වැඩසටහන සඳහා ඇති මුළු ස්ථාන ගණන වගුවේ දක්වා ඇත:

Visa type Interim program
(September 2020)
Additional for remainder of 2020-21
(full program)
Total
Skilled Nominated (Subclass 190) visa 600 1,900 2,500
Skilled Work Regional (Subclass 491) visa 200 843 1,043
Total skilled nomination places for Victoria 3,543

 

නාමයෝජනා නිර්ණායක වෙනස් වේ.

කලාපීය පුහුණු (තාවකාලික) වීසා (උප පංතිය 491) සහ නම් කරන ලද නිපුණතා වීසා (උප පංතිය 190) යන වීසා බලපත්‍ර දෙකටම අයදුම් කිරීම සඳහා වන සුදුසුකම් වෙනස් වී ඇත. ඔබ ඔබේ අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර මෙම​ අවශ්‍යතා හොඳින් කියවිය යුතුය.

වික්ටෝරියානු පුහුණු වීසා නාමයෝජනා සඳහා අයදුම් කිරීම සඳහා සුදුසුකම් ලැබීමට, ඔබ පහත දක්වා ඇති නිර්ණායක සපුරාලිය යුතුය:

වීසා 491 උප පංතිය
1. දැනටමත් කලාපීය වික්ටෝරියා හි ජීවත් විය යුතුයි.
2. දැනටමත් කලාපීය වික්ටෝරියා හි සේවයේ (අවම වශයෙන් මාස 3 ක්) නිරත විය යුතු වේ.
3. වික්ටෝරියා හි ආර්ථික ප්‍රකෘතියට සහ / හෝ සෞඛ්‍ය සේවා නගා සිටුවීමට සහාය වන සෞඛ්‍ය, වෛද්‍ය පර්යේෂණ, ජීව විද්‍යා, කෘෂි ආහාර හෝ ඩිජිටල් තාක්‍ෂණය​ යන අංශවල ඉහළ නිපුණතාවයකින් යුත් රැකියාවක වැඩ කිරීම.
වැඩි විස්තර සඳහා:   Skilled Work Regional (Provisional) visa (subclass 491)

වීසා 190 උප පංතිය

1. දැනටමත් වික්ටෝරියා හි ජීවත් විය යුතුයි.
2. දැනටමත් වික්ටෝරියා හි සේවයේ (අවම වශයෙන් මාස 6 ක්) නිරත විය යුතු වේ.
3. වික්ටෝරියා හි ආර්ථික ප්‍රකෘතියට සහ / හෝ සෞඛ්‍ය සේවා නගා සිටුවීමට සහාය වන සෞඛ්‍ය, වෛද්‍ය පර්යේෂණ, ජීව විද්‍යා, කෘෂි ආහාර හෝ ඩිජිටල් තාක්‍ෂණය​ යන අංශවල ඉහළ නිපුණතාවයකින් යුත් රැකියාවක වැඩ කිරීම.
වැඩි විස්තර සඳහා: Skilled Nominated visa (subclass 190)

 

 

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

සාගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට අවස්ථාව සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »