
වාහන අමතර කොටස් අලෙවි කරන මුවාවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන වංචාවක් පිළිබඳ ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇගවීමක් සිදුකෙරෙනවා.
අඩු මිළ ගණන් යටතේ අලෙවි කරන බව දක්වමිනුයි මෙම වංචාව සිදුකරනු ලබන්නේ.
මේ අතර ඉදිරියේදී එළඹෙන නත්තල් සමය තුළදී විවිධ වංචා සහගත දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩවල ඉහළයාමක් අපේක්ෂා කරන බවට මේ වනවිටත් අනතුරු අගවා තිබෙනවා.

එබැවින් තවදුරටත් විමසිලිමත්ව පසුවන ලෙසටයි ඔස්ටේ්‍රලියානුවන්ට දැනුම්දී ඇත්තේ.
ඔස්ට්‍රේලියානුවන් ඉලක්ක කල scam ඝණයට යටත්වන කෙටි පණිවිඩ මිලියන 336 කට වැඩි සංඛ්‍යාවක් පසුගිය මාස කිහිපය තුළදී අවහිර කර තිබෙනවා.

එය පසුගිය වසරේ ජූලි මාසයේ සිට සලකා බැලීමේදී එක් වැඩිහිටි අයෙකුට එවැනි කෙටි පණිවිඩ 16 ක් ලැබීම හා සමාන වන බවටයි ගණන් බලා ඇත්තේ.