
වික්ටෝරියා ප්‍රාන්ත පොලිස් නිළධාරින් විශාල පිරිසක් ඉදිරි දිනවලදී සේවයෙන් විශ්‍රාම ගැනීමට සූදානම් වන බවට අනාවරණය වී තිබෙනවා.
1,000 කට ආසන්න පිරිසක් යොදාගෙන සිදුකල සමික්ෂණයකදී අනාවරණය වී ඇත්තේ 3/4 ක් පමණ අධික විඩාව සහ 1/4 ක් පමණ මානසික පීඩනය හමුවේ තනතුරු අත්හැරීමට සුදානම් වන බවයි.
වික්ටෝරියා පොලිස් නිලධාරීන්ගේ රැකියාව පිළිබඳ සතුටුදායක ප්‍රතිශතය ඉතිහාසයේ පහළම අගය වන සියට 33 ක් දක්වා අඩුවී තිබෙනවා.

වික්ටෝරියා පොලිස් නිළධාරීන් විසින් වැඩි වැටුප් ඉල්ලා ඊයේ සිට වර්ජනයක් ද ආරම්භ කරනු ලැබුවා.
ඔවුන්ගේ ප්‍රධානතම ඉල්ලීම වන්නේ සියයට 04 ක වැටුප් වැඩිවීමක් ලබාදීම සහ සේවා කොන්දේසි ඉහළ නැංවීමයි.
