2032 බ්‍රිස්බන් ඔලිම්පික් සංවිධාන කමිටුවෙන් බ්‍රිස්බන් නගරාධිපති ඉල්ලා අස්වෙයි

2032 බ්‍රිස්බන් ඔලිම්පික් තරගාවලි සංවිධාන කමිටුවෙන් බ්‍රිස්බන් නගරාධිපති ඒඩ්‍රියන් ශ්‍රිනර් ඉල්ලා අස්වී තිබෙනවා.

වත්මන් ප්‍රාන්ත අගමැතිනියගේ පාලනය හමුවේ තරගාවලිය අසාර්ථක ගමනකට යොමුවී ඇති බවටයි ඔහු චෝදනා කරන්නේ.

ගැබා ක්‍රීඩාංගණයේ අලුත්වැඩියා සඳහා බ්‍රිස්බන් නාගරික කවුන්සිලය විසින් ලබාදීමට එකගවූ ඩොලර් බිලියන 2.7 ක මුදල අත්හිටුවීමටද නගරාධිපතිවරයා විසින් තීරණය කර තිබෙනවා.

බදු මුදල් ඩොලර් මිලියන 137 ක මුදලක් මේ වෙනුවෙන් වැය කිරීමට ගෙන ඇති තීරණය කිසිසේත් අනුමත කල නොහැකි බවද ඔහු අවධාරණය කරනවා.

බ්‍රිස්බන් නගරවාසීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමා තවදුරටත් පෙනී සිටින බවටත් බ්‍රිස්බන් නගරාධිපති ඒඩ්‍රියන් ශ්‍රිනර් සහතික වනවා.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »