NSW ගල් අගුරු සමාගම් සඳහා ඉහළ බද්දක් – අඩු ආදායම්ලාභී පවුල් සඳහා ජීවන වියදම් දීමනාවක්

මීළග ප්‍රාන්ත අයවැයේදී ගල් අගුරු සමාගම් සඳහා ඉහළ බද්දක් පණවා එයින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබාදෙන බවට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සහතික වනවා.

ඒ අනුව සියයට 2.6 ක නව බද්දක් පැණවෙන අතර ගල් අගුරු සමාගම්වලින් අය කෙරෙන මුලු බදු ප්‍රතිශතය සියයට 10.8 දක්වා ඉහළයාමට නියමිතයි.

2024-2025 කාලයේදී මේ හරහා ප්‍රාන්ත රජය විසින් අයකර ගැනීමට අපේක්ෂා කරන මුදල ඩොලර් බිලියන 2.7 ක්.

2009 වසරෙන් පසු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගල් අගුරු සමාගම් සඳහා කිසිදු බදු මුදල් ඉහළ දැමීමක් සිදුකර නොමැති බවද සඳහන්.

කෙසේවෙතත් මෙම අමතර පිරිවැය කිසිදු ආකාරයකින් සාමාන්‍ය ජනතාව මත පැටවීමෙන් වැළකිය යුතු බවටද නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් බලශක්ති සමාගම් වෙත නියමයක් පැණවීමටද නියමිතයි.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »