Search

2063 වනවිට මෙරට වයස්ගත ජනගහණයෙහි කැපී පෙනෙන ඉහළයාමක්

ඉදිරි වසර 40 තුළ ඔස්ට්‍රේලියාවේ ස්වරූපය විදහා දැක්වෙන intergenerational වාර්තාව ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

2063 වසර වනවිට මෙරට උපත් අනුපාතිකය සැළකිය යුතු අගයකින් අඩුවීම හමුවේ වයස්ගත ජනගහණයෙහි කැපී පෙනෙන ඉහළයාමක් අපේක්ෂා කෙරෙන බවයි එහි දැක්වෙන්නේ.

ඉදිරි වසර 40 තුළදී මෙරට ජනගහණයට අමතර මිලියන 14 ක පිරිසක් එකතුවීමෙන් ජනගහණය මිලියන 40 දක්වා වැඩිවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

පුරුෂයන් සඳහා ආයු අපේක්ෂාව අවුරුදු 81 සිට 87 දක්වාද – කාන්තාවන් සඳහා අවුරුදු 85 සිට 89 දක්වාද වැඩිවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

තවත් අමතර බදු පැණවීම් – ආර්ථිකයේ පහළ යෑම් වැනි අනතුරු ඇගවීම්ද මෙම වාර්තාවට ඇතුළත්.

දේශගුණ විපර්යාස හමුවේ ඔස්ට්‍රේලියා ආර්ථිකයට ප්‍රබල බලපෑමක් එල්ලවනු ඇති බවටද මෙමගින් අනාවැකි පළකර තිබෙනවා.