Search

AUKUS ගිවිසුම් ප්‍රකාරව ඉන්දු-පැසිෆික් කලාපීය සහයෝගීතාව වෙනුවෙන් සැලසුම්

AUKUS ගිවිසුම් ප්‍රකාරව ඉන්දු-පැසිෆික් කලාපීය සහයෝගීතාව වෙනුවෙන් නවෝත්පාදන සහ වියදම් සැලසුම් හදුන්වාදීමට ත්‍රෛපාර්ශ්වික රාජ්‍යන් එකගවී තිබෙනවා.

ඒ අනුව අදාළ සාකච්ඡා සඳහා ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු රටවල් ත්‍රිත්වයේ ආරක්ෂක තානාපතිවරු කැලිෆෝනියාවේ දී රැස්වු අතර ඔස්ට්‍රේලියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන පුහුණුව පිළිබඳව අවධානය යොමු කර ඇති බව සඳහන්.

AUKUS ගිවිසුම් ප්‍රකාරව නව සබ්මැරීන් අත්පත් කර ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ඇමරිකානු ඩොලර් බිලියන 3ක් වටිනා පුහුණු උපකරණ විකිණීම අනුමත කර තිබෙනවා.

2022 මාර්ත–ු 10 වනදායින් පසු මෙලෙස ගිවිසුම් පාර්ශවයන් රැස්වු දෙවන අවස්ථාව මෙය වනවා.

සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සඳහන් කළේ නාවුක පුහුණුව ලබන රටවල් ත්‍රිත්වයේ නිලධාරීන් සම්බන්ධයෙන් ආඩම්බර වන බවයි.

රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදා නිලධාරීන් හය දෙනෙක් එක්සත් ජනපද න්‍යෂ්ටික බලශක්ති පාසලෙන් උපාධිය ලබාගත් අතර ඔවුන් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන භාවිතයේ ප්‍රථම කාණ්ඩය වීම විශේෂත්වයක්.

නව තාක්‍ෂණය උපයෝගිකරගනිමින් සමුද්‍රීය ආරක්ෂාව තරකිරීමට ලැබීම ඔස්ටේ්‍රලියානුවන් ලැබු විශේෂ ජයග්‍රහනයක් වන අතර AUKUS ගිවිසුම කලාපීය පමණක් නොව ගෝලීය වැදගත් සම්මුතියක් බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයක ගාස්තු වැඩි වෙයි

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයකදී වැය කිරීමට සිදුවන මුදල්වල විශාල වෙනස්කම් රැසක් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ වෙන්න කැමති ඔස්ට්‍රේලියානුවන්ට අලුත් සොයා ගැනීමක්

වයස්ගත වීම වැළැක්වීම සහ තරුණ බව දීර්ඝ කාලයක් රැක ගැනීම සංචාර මගින් සිදු කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සීමාවට බාධකයක්?

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට හඳුන්වා දීමට යෝජිත වයස් සීමාවන් මගින් පමණක් තරුණ පරම්පරාවේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට නොහැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »