Search

සරණාගත බෝට්ටුවක් ඔස්ට්‍රේලියා දේශසීමා හමුදා ග්‍රහණයෙන් පලා යයි

සරණාගතයින් 12 දෙනෙකු රැගත් බෝට්ටුවක් ඔස්ටේ්‍රලියානු නාවුක දේශසීමා හමුදා ග්‍රහණයෙන් පලා ගොස් ඇති බව නාවික හමුදාව නිවේදනය කර තිබෙනවා.

අදාළ සරණාගතයින් රැගත් බෝට්ටුව බටහිර ඕස්ට්‍රේලියාවේ ගොඩබෑස ඇති අතර එම බෝට්ටු අත්අඩංගුවට ගැනීමට නොහැකි වු බව පිළිගන්නා බවයි ස්වෛරී දේශසීමා ආඥාපති රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් සඳහන් කර ඇත්තේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් ප්‍රකාශ කළේ මෙලෙස සරණාගතයින් දේශසිමා වලින් පලා යැම බරපතල තත්වයක් වන අතර ස්වෛරී දේශසීමා මෙහෙයුම් අඛණ්ඩව සහ වඩාත් ස්ථිරව සිදු කිරීමට සුදානම් බවයි.

කෙසේ වෙතත් මෙලෙස පැමිණි සරණාගතයින් ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් නාවුරූ වෙත පිටුවහල් කර තිබෙනවා.

නීතිවිරෝධී මාර්ග ඔස්සේ සරණාගතයින් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණිම වලක්වන්නැයි පවසමින් භාෂා කිහිපයකින්ම විඩියෝ පට නිකුත් කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබුණා.

පුද්ගල ජාවාරම් කරුවන්ට රැවටි මුදල් නාස්තිය මෙන්ම ජීවිත අවධානමක් නොගන්නා ලෙස ජනතාව දැනුවත් කරන අතර එළෙස නීති විරෝධීමාර්ග ඔස්සේ ඔස්ටේ්‍රලියාවට පැමැණෙන කිසිවෙකුටත් රටතුළ රැදීමට අවස්ථාවක් හිමි නොවන බවයි ඔස්ටේ්‍රලියානු බලධාරීන් අවධාරණය කර ඇත්තේ.

ඔස්ට්‍රේලියාවට එන විදෙස් සිසුන්ගේ නවාතැන් ගැටළුව තවත් උග්‍ර වෙයි ?

ඔස්ට්‍රේලියානු රජය විසින් 2023-24 අධ්‍යයන වර්ෂය සදහා විශ්ව විද්‍යාලවලට බදවා ගන්නා ඡාත්‍යන්‍තර සිසුන් සංඛ්‍යාව සීමා කළද එම ප්‍රමාණය සමස්ත කුලී නිවාස වෙළදපොළෙන් 4% ක් පමණක් වන බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

දූෂණ චෝදනා විමර්ශනයට Qantas බලපෑම් කරලා ?

Qantas ගුවන් සමාගම විසින් ජාතික දූෂණ විරෝධී කොමිසමේ (NACC) ප්‍රධානීන්ට ලබාදී ඇති විශේෂ වරප්‍රසාද හේතුවෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත විය හැකි බව වාර්තා වනවා.

Read More »

මෙල්බන් ඇතුලු නගර රැසක ඉදිරි දින තුනේ කාලගුණයේ ලොකු වෙනසක්

Nothern Territory, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයන්ගේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වයේ ඉහල යෑමක් අද , හෙට සහ අනිද්දා දින තුළ අපේක්ෂා කළ හැකි බවට කාලගුණ විද්‍යා කාර්යංශය (BoM) විසින් සදහන් කර තිබෙනවා.

Read More »

මිනිත්තු කිහිපයක් වැය කර Blood Pressure අඩු කර ගන්න ඔස්ට්‍රේලියාවෙන් අලුත් අනාවරණයක්

සෑම දිනකම අවම වශයෙන් මිනිත්තු කිහිපයක් ව්‍යායාම්වල නිරත වීමෙන් ශරීරයේ රුධිර පීඩනය අවම කළ හැකි බවට ඔස්ට්‍රේලියානු පර්යේෂකයන් මූලික වී සිදුකළ ජාත්‍යන්තර අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »