ඔස්ට්‍රේලියාවේ විදේශ භාෂා කතා කරන්නන්ට රැකියා සඳහා වැඩි ඉල්ලුමක්

ඔස්ට්‍රේලියාවේ විදේශ භාෂා කතා කරන්නන් හට රැකියා සඳහා වැඩි ඉල්ලුමක් පවතින බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

ලොව පුරා රැකියා දැන්වීම් මිලියන 1.5 කට වඩා විශ්ලේෂණය කර දැනට ඉහළම වැටුප් ලබන සහ වැඩිම ඉල්ලුමක් ඇති භාෂා පිළිබඳ අධ්‍යනයක් සිදු කර තිබුණා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ පෘතුගීසි භාෂාව ඉහළම වැටුප් ලබන විදේශ භාෂාව ලෙස හඳුනාගෙන ඇති අතර ඔස්ට්‍රේලියාවේ ඉංග්‍රීසි කතා කරන පුද්ගලයින්ට සාපේක්ෂව වැඩි වැටුපක් පෘතුගීසි කථිකයන්ට හිමිවන බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත වලට අනුව ඉංග්‍රීසි භාෂාව හැර ඔස්ටේ්‍රලියානුවන් කතා කරන අනෙක් භාෂා අතර මැන්ඩරින් – අරාබි – වියට්නාම – කැන්ටනීස් සහ පන්ජාබි භාෂා ඇතුලත් වන අතර පෘතුගිසි භාෂාවට හිමිවන්නේ 24 වන ස්ථානයයි.

මීට අමතරව ඉහළම වැටුප් ලබන අනෙක් විදේශ භාෂාව ලෙස අරාබි භාෂාව නම් කර ඇති අතර ඩෙන්මාර්ක – ජපන් – මැන්ඩරින් – ප්‍රංශ සහ ස්වීඩන් භාෂා කතිකයින් සඳහා ද ඔස්ටේ්‍රලියාවේ රැකියා සඳහා වැඩි ඉල්ලුමක් පවතින බව සඳහන්.

ඒ අනුව සේවා ස්ථාන වල ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා කථන හැකියා සහිත පුද්ගලයින් සඳහා වැඩි වැටුප් හා ප්‍රතිලාභ හිමිවන අතර දෙවන භාෂාවක් කතා කිරීමට හැකි සේවකයින් සිටීම ආයතනයට ද වාසි සහගත බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »