වික්ටෝරියා පොලිසියේ නිලධාරීන් අද සිට වැඩවර්ජනයක

වැටුප් විශමතා සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් වික්ටෝරියානු පොලිසියේ නිලධාරීන් සහ ආරක්ෂක සේවා නිලධාරීන් දහස් ගණනක් අද සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වික්ටෝරියානු පොලිස් බලධාරීන් හා වෘත්තීය සමිත අතර මාස ගණනාවක සිට සාකච්ඡා පැවති අතර කිසිදු එකගතාවයකින් තොරව සාකච්ඡා බිද වැටි ඇති බව සඳහන්.

වෘත්තීය සමිති සියයට හතරක වැටුප් වැඩිවීමක් සහ වැඩි දියුණු කරන ලද සේවා කොන්දේසි ලබා දෙන්නැයි වික්ටෝරියානු බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

පොලිස් වෘත්තීය සමිති ප්‍රධාන විධායක වේන් ගැට් සඳහන් කරන්නේ රජය තම පොලිසිය සමඟ නිසි ආකාරයෙන් හා ගෞරවාන්විතව කටයුතු කිරීමට අපොහොසත් වී ඇති බවයි.

නිවේදනයක් නිකුත් කරමින් වික්ටෝරියා පොලිසිය කියා සිටියේ වික්ටෝරියා පොලිස් සංගමය සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර පොලිස් සේවයේ අභියෝග හඳුනා ගනිමින් පොලිසියට ආරක්‍ෂක සේවා නිලධාරීන්ට මෙන්ම වික්ටෝරියානු ජනතාවට ද සාධාරණයක් කරන බවයි.

කෙසේ වෙතත් වෘත්තිය ක්‍රියා මාර්ග ආරම්භ වුව ද ප්‍රාන්ත ආරක්ෂාව වෙනුවෙන් පොලිස් සේවා අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලීසිය අවධාරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »