NSW පරිපූරක වෛද්‍යවරුන්ගෙන් ප්‍රාන්ත රජයට අනතුරු ඇගවිමක්

වැටුප් විශමතා ගැටලු සඳහා විසඳුම් නොදෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වන බව නිව් සවුත් වේල්ස් පරිපූරක වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රාන්ත රජයට අනතුරු ඇගවිමක් කර තිබෙනවා.

වෘත්තීය සමිති සහ ප්‍රාන්ත රජය අතර වැටුප් සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් පරිපූරක වෛද්‍යවරුන් 2000කට වැඩි පිරිසක් නැවත ලියාපදිංචි වීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ වෘත්තීය ක්‍රියාමාර්ග ලබන ජනවාරි පළමුවනවා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර මේ හේතුවෙන් ප්‍රාන්තයේ හදිසි සේවා වලට බලපතල තර්ජනයක් සිදුවිය හැකි බව සඳහන්.

වැටුප් විශමතා ඇතුලු ඉල්ලීම් ලබා දීම සඳහා ප්‍රමාණයත් මුදලක් ප්‍රාන්ත රජය සතු නොවන බවයි බලධාරීන් අවධාරණය කර ඇත්තේ.

ඒ අනුව සෞඛ්‍ය සේවා සංගම් සියයට 20ක වැටුප් වැඩිවීමක් අපේක්ෂා කරන අතර ඉදිරි වසර දෙකක කාලය තුළ අමතර සියයට 4කට වැටුප් වැඩිවීමක් අවශ්‍ය බව සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් වැටුප් පිළිබඳ සාකච්ඡා ලබන සතියේ යළි ආරම්භ කිරීමට නියමිත අතර වැටුප් විශමතා සම්බන්ධ සාකච්ඡා මාස 8කට වැඩි කාලයක් සිට පැවති බවයි සඳහන් වන්නේ.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »