
දුෂ්කර සහ ග්රාමීය ප්රදේශවල වාසය කරන ජනතාව වෙනුවෙන් ස්වකැමැත්තෙන් මරණය ළගා කර ගැනීමේ නීති සංශෝධනය කරන්නැයි ප්රාන්ත නායකයන් විසින් ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මීට අදාළව ප්රාන්ත රජයන් විසින් වෙන වෙනම නීති සම්මත කරගෙන ඇතත් ෆෙඩරල් රජය විසින් පොදු නීතියක් මේ දක්වා සම්මත කර නැහැ.
නිවු සවුත් වේල්ස් ප්රාන්තය තුළද මේ වනවිට ස්වකැමැත්තෙන් මරණය අත්කර ගැනීමේ ලිහිල් කරනු ලැබූ නීති බලාත්මකයි.

කෙසේවෙතත් ඒ කොන්දේසි කිහිපයකට යටත්වයි.
තමා වෙනුවෙන් වෙනත් අයෙකුට අවසන් තීරණයක් ගැනීමට ද එහිදී අවස්ථාවක් හිමිවන්නේ නැහැ.
