පංති කාමර තුළට පලස්තීන හිතවාදී කොඩි ඇතුලු ද්‍රව්‍ය ගෙනා නිවු සවුත් වේල්ස් ගුරුවරුන්ට එරෙහිව පියවරක් ගැනීමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.
පලස්තීනයට සහය දක්වන ආකාරයෙන් පංති කාමර තුළදීත් කටයුතු කරන ලෙසයි ගුරු වෘත්තීය සමිති පසුගියදා යෝජනාවක් සම්මත කරගනු ලැබුවේ.
වෘත්තිය සමිති විසින් කුමන තීන්දුවක් ගනු ලැබුවද පංති කාමර තුළට දේශපාලනය රැගෙන ඒමට කිසිදු පාර්ශවයකට ඉඩක් නොමැති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
මෙවැනි ක්‍රියා සිදු නොකරන ලෙස නිවු සවුත් වේල්ස් ගුරුවරුන්ට ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අවස්ථා ගණනාවකදී දැනුම්දී තිබූණා.
එබැවින් නීති කඩකල සියලු ගුරුවරුන්ට මේ සම්බන්ධයෙන් දැඩි විනය පියවරක් ගැනීමට නියමිතයි.