වික්ටෝරියා අමාත්‍යවරුන් වෙත ආචාර ධර්ම පද්ධතියක්

වික්ටෝරියා ප්‍රාන්තයේ අඛණ්ඩතාව සහ වගවීම ඉහළ නැංවීමේ අරමුණින් පිළිපැදිය යුතු යාවත්කාලීන කළ ආචාර ධර්ම පද්ධතියක් අමාත්‍යවරුන් වෙත හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා.

දූෂණ විරෝධී කොමිෂන් සභා වාර්තා සහ ඔම්බුඩ්ස්මන් නිර්දේශ අනුගමනය කරමින් මෙම පියවර ගත් බවයි අගමැතිනි ජසින්ටා ඇලන් සඳහන් කර ඇත්තේ.

අග්‍රාමාත්‍යවරිය සඳහන් කලේ වික්ටෝරියානුවන්ගේ අපේක්ෂාවන්ට අනුව ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු ලේකම්වරුන් ඉහළම ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යෑම තම අරමුණ බවයි.

ඒ අනුව අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු ලේකම්වරුන්ට කාර්තුමය වශයෙන් අදාළ දිනපොත් සාරාංශ නිකුත් කිරීමට සිදුවනු ඇති.

මේ යටතේ අමාත්‍යවරුන් තමන්ට හිමිවන ප්‍රතිලාභ සහ වාසි ප්‍රකාශයට පත්කිරීම අනිවාර්ය වන අතර තම පවුලේ සාමාජිකයින් තම අමාත්‍යංශ කාර්ය මංඩලවලට ඇතුලත් කර ගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ.

නව ආචාරධර්ම පද්ධතීයට පොහෝ පාර්ශව එකගතාව පල කර ඇති අතර එමගින් දැනට පවතින දේශපාලන ප්‍රමිතීන්ගේ හිගතාව මෙන්ම විෂමාචාරයන් පාලනය කිරීමේ හැකියාව ලැබීම විශේෂත්වයක්.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »