කොවිඩ් වසංගතයෙන් පසු ඔස්ට්‍රේලියාව තුළ වැඩිම විවාහ ලියාපදිංචිය 2022 දී

කොවිඩ් වසංගතයෙන් පසු ඔස්ට්‍රේලියාව තුළ වාර්තාගත විවාහ ලියාපදිංචියක් සිදුවු වසර බවට 2022 පත්ව ඇති බව සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව 2022 වසරේ ලියාපදිංචි මුලූ විවහ සංඛ්‍යාව 127,161 ක් වන අතර එම අගය 2019 වසරට සාපේක්ෂව විවාහ 13,000 ක වැඩිවීමක් බව සඳහන්.

2020 වසරේ ලියාපදිංචි විවාහ සංඛ්‍යාව 79,000 ක් සහ 2021 වසරේදි එම අගය 89,000 ක් ලෙස සටහන් වු අතර කොවිඩ් වසංගත බලපෑම මෙලෙස විවාහ ලියාපදිංචිය පහත වැටීමට හේතු වී තිබෙනවා.

මෑත කාලීනව ඔස්ට්‍රේලියාවේ වසරකදී වාර්තා වී ඇති වැඩිම විවාහ සංඛ්‍යාව මෙය වන අතර වයස අවුරුදු 16 ට වැඩි සෑම පුද්ගලයින් දහසකට විවාහ අනුපාතිකය 6.1 ක් බවයි වාර්තා වන්නේ.

බටහිර ඔස්ට්‍රේලියාව හැර අනෙකුත් සියලූම ප්‍රාන්ත වල විවාහ ලියාපදිංචිය සැලකියයුතු වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර වඩාත් ජනප්‍රිය විවාහ දිනය ලෙස 2022 ඔක්තෝබර් 22 දින ලෙස නම් කර තිබුණා.

එදින යුවළ 2,200 ක් විවාහ දිවියට ඇතුළත්ව ඇති බවයි සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

කෙසේ වෙතත් 2022 වසරේ දික්කසාද සිදුවීම් 49,241 ක් වාර්තා වී ඇති අතර එය විවාහ 1000 කට 2.4 ක අනුපාතිකයක් බව සඳහන්.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »