$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

RACQ රක්ෂණ සමාගම යටතේ පාරිභෝගියකින් මිලියන 1.8ක් පමණ වාහාන සහ නිවාස රක්ෂණ ආවරණ දමා ඇති අතර තමන්ට අදාළ වට්ටම නොලැබීම හේතුවෙන් රක්ෂණ හිමියන් බොහෝ පිරිසක් අගතියට පත්ව ඇති බව සඳහන්.

මෙලෙස අගතියට පත් රක්ෂණලාභින් හට ඩොලර් මිලියන 54 කට වැඩි මුදලක් මේ වන විටත් ලබා දී ඇති අතර 2024 වසර වින විට සියලු ගෙවීම් සිදුකර අවසන් කරන බවයි රක්ෂණ සමාගම් බලධාරීන් නිවේදනය කර ඇත්තේ.

2017 සිට 2022 දක්වා වු වසර 5ක කාලය තුල අදාළ රක්ෂණ සමාගම පාරිභෝගිකයින් හට ගෙවීමට නියමිත වට්ටම අතපසුකරමින් පාරිභෝගිකයින් අපහසුතාවට පත් කර ඇති බව ෆෙඩරල් අධිකරණය ඊයේ නියෝග නිකුත් කර තිබුණා.

අදාළ රක්ෂණ සමාගමට එරෙහිව ඕස්ට්‍රේලියානු සුරැකුම්පත් සහ ආයෝජන කොමිෂන් සභාව (ASIC) විසින් පසුගිය පෙබරවාරි මස ෆෙඩරල් අධිකරණය හමුවේ නඩු ගොනුකර ඇති බව සඳහන්.

ඕස්ට්‍රේලියානු සුරැකුම්පත් සහ ආයෝජන කොමිෂන් සභාව (ASIC) අවධාරණය කර ඇත්තේ සෑම රක්ෂණ සමාගමකම ක්‍රියාකාරීත්වය පිළිබඳ නිරතුරු අවධානයෙන් පසුවන බවයි.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »