අධික ලෙස බෝවන නව කොරෝනා ප්‍රභේදය සහිත රෝගීන් එක්සත් රාජධානියේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති බවට වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවට පැමිණි සංචාරකයින් තුළ එක්සත් රාජධානියේ අධික ලෙස බෝවන විකෘති කොරෝනා වයිරස් ප්‍රභේදය සහිත රෝගීන් අනාවරණය වී ඇත.
නිව් සවුත් වේල්ස් රජය පවසන්නේ එක්සත් රාජධානියේ සිට COVID-19 වෛරසයේ විකෘති නව ප්‍රභේදය සහිත කොරෝනා රෝගීන් ඕස්ට්‍රේලියාව වෙත ගමන් කර ඇති බවයි. කෙසේවෙතත්, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු වෙරළ තීරයේ වර්ධනය වන කොරෝනා ආසාදිතයින් අතරේ මෙම වයිරස් ප්‍රභේදය හමු වී නොමැති බව සඳහන් වේ.
කොරෝනා වයිරස් විකෘති ප්‍රභේදය ගිනිකොනදිග එංගලන්තයේ වේගයෙන් ව්‍යාප්ත වී ඇති අතර යුරෝපීය රටවල් කිහිපයක් එක්සත් රාජධානියේ සංචාරකයින් හට තම දේශ සීමා වසා දමා ඇත.
අද දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිව් සවුත් වේල්ස් ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි කෙරී චැන්ට් පැවසුවේ එක්සත් රාජධානියේ සිට පැමිණි සංචාරකයින් දෙදෙනෙකු මෙම කොරෝනා වයිරස් ප්‍රභේදය වැළඳි පුද්ගලයින් ලෙස හඳුනා ගෙන ඇති බවයි.
මෙම වයිරසය හා බැඳි එක් සිද්ධියක් ඕස්ට්‍රේලියාවේදී අනාවරණය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරියෙක් පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විද්‍යාඥ Maria Van Kerkhove පැවසුවේ නෙදර්ලන්තයේ සහ ඩෙන්මාර්කයේ ද මෙවැනි සිද්ධීන් වාර්තා වී ඇති බවය.
අධික ලෙස බෝවන මෙම කොරෝනා වයිරස් ප්‍රභවය හේතුවෙන් එක්සත් රාජධානියේ ගිණිකොන දිග ප්‍රදේශයේ දැඩි lockdown තත්වයක් ක්‍රියාත්මක කොට ඇති අතර එය මිලියන 16 ක ජනතාවකට බලපා ඇත.
එක්සත් රාජධානියේ බලධාරීන් පවසා ඇත්තේ වෛරසයේ නව ප්‍රභේදය මුලදී වාර්තා වූ ප්‍රභේදයට වඩා සියයට 70 ක් දක්වා පුද්ගලයින් අතර සම්ප්‍රේෂණ හැකියාවක් පවතින බවයි.
කෙසේ වෙතත්, වෛද්‍ය Maria Van Kerkhove පවසන්නේ වෛරසයේ මෙම නව ප්‍රභේදය ඕස්ට්‍රේලියාවේ තවදුරටත් ව්‍යාප්ත වී නොමැති බවයි.
(ABCNews)