
විදේශගතව සිටින ඔස්ටේ්‍රලියානුවන් හට උපකාර අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර අතර රෝහල්, බන්ධනාගර සහ යුදමය තත්වයන් ප්‍රමුඛ වන බවට විදේශ කටයුතු අමාත්‍යංශය හෙළිකර තිබෙනවා.
ඒ අනුව විදේශගත ඔස්ට්‍රේලියානු දත්ත අනුව පෙනී යන්නේ 2022-2023 කාලසීමාව තුළ විදේශ ගමන් බලපත්‍රයක් නැතිවීම, රෝහලගතවීම් හා ස්වභාවික විපත් වලට මුහුණ දීම් වැනි පොදු ගැටලූ රැසකට ඔස්ටේ්‍රලියානුවන් විදේශයන්හි මුහුණ පා ඇති බවයි.
විශේෂයෙන් එම කාලසීමාව තුළ ඇමතුම් මධ්‍යස්ථාන උපකාර සේවා හා සම්බන්ධ වූ ඔස්ටේ්‍රලියානුවන්ගේ සංඛ්‍යාව 48,000 කට අධික වන අතර මෙම තත්වය පසුගිය වසරට සාපේක්ෂව සියයට 21ක වැඩිවීමක් බව සඳහන්.

විදේශ මධ්‍යස්ථානයට ලැබුණු ඇමතුම් අතුරින් වැඩි සංඛ්‍යාවක් තායිලන්තයෙන් වන අතර තායිලන්තයේදී සිදුවන ඔස්ටේ්‍රලියානුවන්ගේ මරණ සංඛ්‍යාව 04 ගුණයකින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
මේ අතර ගිනිකොණදිග ආසියාතික රටවල් සඳහා සංචාරය බලා පිටත්ව යන ඔස්ටේ්‍රලියානුවන් අතුරින් බහුතරයක් රෝගාබාධ වලට ගොදුරුවීමේ ප්‍රවණතාවක් පවතින බවට හඳුනාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් හෝ විදේශ සංක්‍රමණ රැඳවුම් භාරයේ සිටින ඔස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති අතර මෙම වසරේදී ඔස්ට්‍රේලියානුවන් විදේශයන්හි අත්අඩංගුවට ගැනීම් 740 ක් වාර්තා වී ඇති බව සඳහන්.
මෙම වසරේ හඳිසි ගුවන් ගමන් බලපත්‍ර 10,000 කට වැඩි ප්‍රමාණයක් නිකුත් කර ඇති අතර 2,000 කට අධික ප්‍රමාණයක් විදේශයන්හිදී අස්ථානගත වී ගොස් ඇති අතර 1,500 කට අධික ප්‍රමාණයක් සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පසුගිය වසර තුනට සාපේක්ෂව විදේශයන්හි ඔස්ටේ්‍රලියානුවන් මුහුණදීමට සිදුවන අර්බුධයන්ගේ සංඛ්‍යාත්මක අගය පහළ ගොස් තිබීම විශේෂත්වයක්.