විදුලි බිල්පත් පීඩා විදින ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව ඉහළට

විදුලි බිල්පත් ගාස්තු ඉහළ යෑමත් සමග බිල්පත් ගෙවාගැනීමට නොහැකිවීමෙන් පීඩා විදින ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ විදුලි බිල් ගාස්තු තවදුරටත් සියයට 28 කින් ඉහළ දැමීම දැරිය නොහැකි බවයි ජනතාව චෝදනා නගන්නේ.

නිව් සවුත් වේල්ස්, ක්වින්ස්ලන්ඩ්, ටස්මේනියාව, දකුණු ඔස්ටේ්‍රලියාව සහ ACT ප්‍රාන්තයන්හී නිවාසවල විදුලි ගාස්තු සියයට 12 සිට 28 දක්වා ඉහළ ගොස් ඇති අතර වික්ටෝරියා හි මිල ගණන් සියයට පහේ සිට සියයට 11 දක්වා ඉහළ ගොස් තිබුණා.

මේ අතර ලබන වසරේ ජූලි මස වන විට විදුලි බිල්පත් ගාස්තු මිල තවදුරටත් ඉහළ යා හැකි බවට අනතුරු අගවා තිබෙනවා.

බලශක්ති නියාමන අධිකාරිය පැවසුවේ පවතින බහුවිධ ජීවන වියදම් පීඩනය පවුල් ඒකක සඳහා දැරිය නොහැකි අතර බොහෝ දෙනෙකුට අඛණ්ඩ සහයෝගය අවශ්‍ය වන බවයි.

විශේෂයෙන් විදුලි දීමනා ලබාගත හැකි සැපයුම්කරුවන් වෙත යොමු වන ලෙසට ද ජනතාවට උපදෙස් දී ඇති අතර වඩා හොඳ දීමනා අනුව වඩාත් හොද බලශක්ති සේවා වෙත මාරුවිමේ හැකියාව ද පවතිනවා.

කෙසේ වෙතත් බලශක්ති නියාමන අධිකාරිය සඳහන් කර ඇත්තේ ගෝලීය තෙල් අර්බුධ සහ බලශක්ති ඉල්ලූම සඳහා වන අධික වියදම හේතුවෙන් විදුලි බිල්පත් ගාස්තු ඉහළ අගයක් ගන්නා බවයි.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »