උත්සව සමයට සමගාමීව ආහාර ආධාර ඉල්ලා ලැබෙන ඉල්ලීම් සංඛ්‍යාව සියයට 15 සිට සියයට 200 දක්වා ඉහළගොස් ඇති බව Foodbank පවසනවා.
ජීවන වියදම ඉහළ යාම – පොලී අනුපාත වැඩිවීම් සහ කුලී ආතතිය හේතුවෙන් තම පවුලේ දෛනික ආහාර සපයා ගැනීමේ දුෂ්කරතාවකට ඔස්ට්‍රේලියානුවන් මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.
2023 Hunger වාර්තා අනුව පෙනි යන්නේ ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි පිරිසක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවයි.
ආහාර අනාරක්ෂිතභාවයට පත් නිවාස අතුරින් සියයට 60ක අවම වශයෙන් එක් පුද්ගලයෙකු හෝ වැටුප් සහිත රැකියාවක නිරත වීම විශේෂත්වයක්.
Foodbank ප්‍රධාන විධායක නිලධාරී Brianna Casey පවසන්නේ මෙලෙස ආහාර ආධාර ඉල්ලන්නන් අතර රැකියාවල නියුතුවුවන්ගේ ප්‍රමාණය වැඩිවිමක් පෙන්නුම් කරන අතර තරුණ ප්‍රජාවගේ සැලකියයුතු වර්ධනය කණගාටුවට කරුණක් බවයි.
මේ වන විට වික්ටෝරියාහි Foodbank මගින් පුද්ගලයින් 57,000 ක් පෝෂණය කරන අතර එහි ඉල්ලුම් සියයට 200 කින් ඉහළ ගොස් ඇති අතර මෙතෙක් වාර්තාවු ඉහළතම අගය වනවා.
කෙසේ වෙතත් උත්සව සමයට සමගාමීව ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන පුද්ගලයින් සඳහා විවිධ සහන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර රට පුරා පිහිටි Foodbank ශාඛා 1,900 ක් මගින් පුද්ගලයින්ට අවශ්‍ය සහසුකම් සළසා දෙනු ඇති.