අනවසර සංක්‍රමණිකයන් සංඛ්‍යාවෙහි ඉහළයාමක අනතුරු ඇගවීමක්

ගිණිකොණ දිග ආසියානු රටවලින් පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් සංඛ්‍යාවෙහි ඉහළයාමක් අපේක්ෂා කරන බැවින් දැඩි සුපරීක්ෂාකාරී වීමට ඔස්ටේ්‍රලියානු දේශ සීමා ආරක්ෂණ බලකාය තීරණය කර තිබෙනවා.

මෑතකදී ලබාදුන් මහාධිකරණ තීන්දුවත් සමග රටට පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් සංඛ්‍යාවෙහි ඉහළයාමක් සිදුවිය හැකි බවටයි අනාවැකි පළවන්නේ.

විශේෂයෙන් ඇෆ්ඝන් සහ බංග්ලාදේශ සරණාගතයන්ගේ ඉහළයාමක්ද මෙම කාලසීමාවේදී අපේක්ෂා කල හැකි බවටයි අනතුරු අගවා ඇත්තේ.

මිනිස් ජාවාරම්කරුවන්ගේ කූට උපායන්ට හසුවීමෙන් වළකින්නැයිද ඔස්ටේ්‍රලියානු දේශ සීමා ආරක්ෂණ බලකාය ජනතාවට උපදෙස් දෙනවා.

ඒ පිළිබඳ උපදෙස් ඇතුළත් භාෂා 16 ක වීඩියෝ පටයක්ද ඔවුන් විසින් නිකුත් කර තිබෙනවා.

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »