
ඔස්ට්‍රේලියාවෙන් වාර්තාවන ඇදුම රෝගය සම්බන්ධ මරණ සංඛ්‍යාව පසුගිය වසරේදී කැපී පෙනෙන අන්දමින් ඉහළ ගොස් තිබෙනවා.
සංඛ්‍යාලේඛණ කාර්යාංශ දත්ත අනුව 2022 වසරේදී එලෙස සටහන්වී ඇති මරණ ගණන 467 ක්.
එය පෙර වසරට වඩා සියයට 30 ක පමණ ඉහළයාමක් ලෙසයි දැක්වෙන්නේ.

කොවිඩ් සීමා හමුවේ 2021 වසරේදී ඇදුම මරණ සංඛ්‍යාව පහළ අගයක් ගෙන තිබුණා.
ජනතාව එළිමහනට යාමෙන් වැළකී සිටීම ඊට ප්‍රධාන හේතුවයි.
