සෑම ඔස්ට්‍රේලියානුවන් 03 දෙනෙකුගෙන් දෙදෙනෙකු තම ජීවිත කාලය තුළ සම ආශ්‍රිත පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට යොමු වන බව නිව් සවුත් වේල්ස් පිළිකා ආයතනය පවසනවා.
පුද්ගලයින් හිරු රශ්මියට සෘජුව නිරාවරණය වීම මීට හේතුව වන අතර ඔස්ට්‍රේලියානු තරුණ ප්‍රජාව තුළ සම ආශ්‍රිත ආසාධන තත්වයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කර ඇත්තේ.
මෙම වසර අවසානයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සම ආශ්‍රිත පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව 6000 දක්වා ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අගවා තිබෙනවා.
අහිතකර හිරු කිරණ හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රතිකාර සඳහා පැමිණි තරුණ ප්‍රජාවගේ ප්‍රතිශතය පසුගිය වසරට සාපේක්ෂව සියයට 28 කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය අමාත්‍ය රයන් පාර්ක් සඳහන් කළේ පසුගිය මූල්‍ය වර්ෂයේ අධික හිරු රෂ්මියට නිරාවරණය වීම හේතුවෙන් පුද්ගලයින් 800 කට වැඩි පිරිසක් ප්‍රතිකාර සඳහා යොමුව ඇති බවයි.
වයස අවුරුදු 05 ත් 24 ත් අතර පසුවන්නන්ට මින් සිදුවන බලපෑම ඉහළ අගයක් ගන්නා අතර දෙමාපියන් තම දරුවන් එළිමහන් ක්‍රියාකරකම් හී නිරතවීමේ දි ආරක්ෂිත ආවරණ පැළඳීම සඳහා යොමු කිරීම වැදගත් වනු ඇති.