Search

මෙල්බන්වාසීන් ඉලක්ක කරගත් ව්‍යාජ කුළී නිවාස ජාවාරමක්

කුලී නිවාස සපයා දෙන මුවාවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකෙරෙන මූල්‍ය වංචා පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස පොලීසිය ජනතාව දැනුවත් කර තිබෙනවා.

තාවකාලික කුලී සැපයුම් ආයතනක් වන Airbnb සමාගම ලෙස පවසමින් මෙල්බන් වැසියන් රැසක් මෙලෙස ව්‍යාජ ගිවිසුම්ගත කිරීම් වලට රැවටි මුදල් ආයෝජනය කර ඇති බව සඳහන්.

පොලීසිය සඳහන් කළේ මෙම වංචනික ක්‍රියාව තනි පුද්ගලයකු විසින් මෙහෙයවා ඇති අතර සැකකරු කෙටිකාලීන පදනම මත නිවසක් කුලියට ගැනීමට අදාළ ව්‍යාජ ලේඛණ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ඇති බවයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොළිස් මෙහෙයුම් ක්‍රියාත්මක අතර අදාළ සැකකරු යැයි විශ්වාස කෙරෙන පුද්ගලයකුගේ ඡායාරූපයක් ද වික්ටෝරියානු පොලිසිය විසින් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් පොලීසිය අවධාරණය කළේ කෙටි කාලීන කුලී නිවාස මිලදී ගැනීමේ දී බලපත්‍රලාභී දේපළ වෙළඳාම් නියෝජිතයන් හා පමණක් ගණුදෙනු කිරීමට කටයුතු කරන ලෙසයි.

සැකකරු පිළිබඳ යම් තොරතුරක් ලදහොත් පොලීසිය දැනුවත් කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන අතර මෙලෙස කුළී නිවාස මිලදී ගැනීමේ දි තමන් වංචනික ක්‍රියාවන්ට හසුවුයේ නම් ඒ පිළිබඳ පොලීසිය දැනුවත් කිරීම වැදගත් වනු ඇති.

Instagram හි ජනප්‍රියතම ස්ථානය අතර මෙල්බන් අංක 1 වෙයි

ඔස්ට්‍රේලියාවේ Instagram සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතර වැඩි වශයෙන් ආකාරශනීය සංචාරක කලාපය ලෙස මෙල්බන්හි කලාපයක් අංක එක බවට පත්ව තිබෙනවා.

Read More »