නිවාඩු සමයට පෙර Medicare ප්‍රතිලාභ ලබාගන්නැයි දැනුම්දීමක්

ඩොලර් මිලියන 234 ක වටිනාකමකින් යුත් මෙඩිකෙයාර් ප්‍රතිලාභ ලබා නොගත් ඔස්ට්‍රේලියානුවන්ට ඔවුන්ට අයත් හිමිකම් එළඹෙන නිවාඩු සමයට පෙර ලබාගැනීමට කටයුතු කරන ලෙස ෆෙඩරල් රජය දැනුම් දී තිබෙනවා.

එළඹෙන උත්සව සමය හා සමගාමීව ඉහළ යන වියදම පාලනය සඳහා එම ප්‍රතිලාභ භාවිත කරන ලෙසයි ජයේ සේවා අමාත්‍ය බිල් ශෝටන් සඳහන් කර ඇත්තේ.

මෙතෙක් ලබා නොගත් හිමිකම් පෑම සඳහා myGov වෙබ් අඩවියට පිවිස ඔබගේ ලියාපදිංචි බැංකු ගිණුම් තොරතුරු යාවත්කාලීන කළ යුතු අතර දින තුනක් ඇතුළත අදාළ හිමිකම් බැංකු ගිණුමට බැරවනු ඇති.

නිවැරදි ලියාපදිංචි බැංකු තොරතුරු නොමැති වීම හේතුවෙන් මිලියනයකට ආසන්න ඔස්ට්‍රේලියානුවන් පිරිසකට අදාළ ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි ව ඇති අතර මේ හේතුවෙන් වසර ගණනාවකට අදාළ ප්‍රතිලාභ රැස්ව ඇති බව සඳහන්.

වයස අවුරුදු 18 සහ 24 අතර තරුණ ඔස්ට්‍රේලියානුවන් දෙලක්ෂ විසිඑක්දහසක් පමණ ඩොලර් මිලියන 49 කට වඩා වැඩි Medicare ප්‍රතිලාභ ලබා ගැනීමට සමත් ව ඇති අතර ප්‍රතිලාභ නොගත් පුද්ගලයින් ලක්ෂ 7 කට ආසන්න පිරිසකට ඒ පිළිබඳ දැනුම් දීමට පියවර ගෙන තිබෙනවා.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »