
වකුගඩු රෝග පාලනය සඳහා වු ප්‍රතිජීවක ඖෂධ හිගය හේතුවෙන් දකුණු ක්වින්ස්ලන්ඩ් හී ස්වදේශීක ජනතාව දැඩී පීඩාවට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
මෙම රෝගී තත්වය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන අතර මේ සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් ස්වදේශීය ජනතාව අතර නොමැති බවයි වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ.
මේ වන විට වකුගඩු ආසාධනය වැළඳීමෙන් ස්වදේශික ළමුන් 06 දෙනෙකුගේ රෝගී තත්වය බරපතල වී ඇති අතර රෝගී ළමුන් හට වෙනත් බැක්ටීරියා ආසාධන ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින බව ද සඳහන්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ f–සන් කිං පැවසුවේ වකුගඩු රෝගී අවධානම දිගුකාලීන සෞඛ්‍ය බලපෑම් ඇති කළ හැකි බරපතල රෝගී තත්වයක් බවයි.
කෙසේ වෙතත් පසුගිය මාස හයක කාලය තුළ ප්‍රතිජීවක ඖෂධ සඳහා අඩු ප්‍රමුඛතාවයක් ලබාදීම සහ අවශ්‍ය තොග පවත්වාගෙන යෑමට නොහැකි වීම මීට හේතුව බවයි ඖෂධවේදී සංගම් සඳහන් කර ඇත්තේ.

මේ අතර සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ රෝග පාලනය සඳහා අවශ්‍ය ප්‍රතිජීවක හිගය ගොලීය ගැටලූවක් වන අතර රට තුල විශ්වසනීය ලෙස ප්‍රතිජීවක සැපයුමේ වැදගත්කම අවධාරණය කරන බවයි.
විශේෂයෙන් ස්වදේශීක ප්‍රජාව අතර රෝග පාලනය සඳහා අවශ්‍ය දැනුම නොමැති වීම මෙලෙස රෝග ව්‍යාප්තිය සඳහා බලපෑම් ඇති කරන බවද සඳහන්.