Search

වික්ටෝරියානුවන්ට Uber හරහා කුළී රථ වෙන් කරවා ගැනීමේ අවස්ථාව

Uber යෙදුම හරහා කුළී රථ සේවා සපයන ආයතනවල කුලී රථ අමතර ගාස්තුවකින් තොරව වෙන් කරවා ගැනීමේ අවස්ථාව වික්ටෝරියානුවන්ට හිමිව තිබෙනවා.

ඒ අනුව වික්ටෝරියානුවන්ට තම ඊළග චාරිකාව සඳහා කල් තියා Uber යෙදවුම හරහා ටැක්සි රථ වෙන්කරවා ගැනීමේ හැකියාව පවතිනු ඇති.

නව ක්‍රමවේදය මෙල්බන්, ජීලොංග්, බලරට් ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදීම කුලී රථ වෙන්කර ගැනීම සඳහා භාවිත කල හැකි බවයි පැවසෙන්නේ.

2019 වසරේ සිට කුලී රථ රියදුරන් නීති විරෝධී ලෙස Uber යෙදවුම භාවිත කරන බවට පාරිභෝගිකයින් විසින් චෝදනා එල්ල කර තිබුණා.

නව ක්‍රමවේදය ඔස්සේ වික්ටෝරියා ප්‍රාන්තය පුරා සිටින ටැක්සි රියදුරන් හට නව ඉපැයීම් අවස්ථා නිර්මාණය වන අතර පාරිභෝගිකයින්ට වැඩි තේරීම් අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය වීම විශේෂ වාසියක්.

මේ යටතේ ඉදිරියේ දී ටැක්සි රියදුරන් හට වැඩි ගාස්තු යටතේ අයකිරීම් සිදුකිරීමට අවස්ථාව හිමි නොවන අතර පාරිභෝගික ආරක්ෂාව ප්‍රමුඛ කාර්යයක් ලෙස අවධාරණය කර තිබෙනවා.