වසර 02 ක් භාවිතයට නොගත් අක්‍රීය Gmail ගිණුම් අද සිට ඉවතට

වසර දෙකක කාලයක් භාවිතයට නොගත් අක්‍රීය ජී-මේල් ගිණුම් මිලියන ගණනක් අද සිට ඉවත් කිරීමට ගූගල් සමාගම පියවර ගෙන තිබෙනවා.

ක්‍රියා විරහිත යැයි හඳුනාගෙන ඇති ජී-මේල් ගිණුම් මකා දැමීමට පෙර අදාළ පරිශිලකයින් දැනුවත් කිරීමේ කටයුතු පසුගිය මැයි මස සිට ක්‍රියාත්මක කිරීමට ඔවුන් පියවර ගෙන තිබුණා.

ගූගල් සමාගම පෙන්වා දෙන්නේ මෙලෙස භාවිතයෙන් ඉවත් කර ඇති ගිණුම් හරහා සිදුවිය හැකි අනන්‍යතා අවභාවිතයන් සහ වංචනික ක්‍රියා පාලනය සදහා මෙම පියවර ගත් බවයි.

ප්‍රථම භාවිතයෙන් පසු යළිත් කිසි දිනෙක භාවිතයට නොගත් ජී-මේල් ගිණුම් මෙහි ප්‍රථම අධියර යටතේ මකා දැමෙනු ඇති.

අදාළ ගිණුම් මකා දැමීමත් සමග ඊට සම්බන්ධ Google Drive – Google Docs – Google Photos යන සෑම අන්තර්ගතයක්ම අවලංගු වන බව වැඩිදුරටත් දන්වා සිටින්නේ.

මෙලෙස අක්‍රිය ගිණුම් ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක වන අතර තම ගිණුම සක්‍රීයව පවත්වා ගැනීමට නම් අවම වශයෙන් වසර දෙකකට වරක් හෝ Email යැවීම, Google Drive භාවිත කිරීම, අදාළ ගිණුමට සම්බන්ධ Youtube නාලිකාවෙන් විඩියෝ නැරඹීම, Google play store මගින් යම් යෙදවුමක් බාගත කිරීම සහ Google සෙවීම් භාවිත කිරීම වැනි ක්‍රම භාවිත කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් ගූගල් සමාගම සඳහන් කර ඇත්තේ පාසැල් මෙන්ම ව්‍යාපාරයන්ට අදාළව ආරම්භ කර ඇති Gmail ගිණුම් අවලංගු කිරීමක් මේ හරහා සිදු නොවන බවයි.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »