නගර ගණනාවක NAB බැංකු ශාඛා වසා දැමීමේ තීරණයක්

ප්‍රාන්ත කිහිපයක නගර ගණනාවක ස්ථාපිත කර ඇති සිය බැංකු ශාඛා වසා දැමීමට NAB බැංකුව තීරණය කර තිබෙනවා.

ACT – නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් යන ප්‍රාන්තවල ප්‍රධාන නගරවල ශාඛා මේ අතර වන බව සඳහන්.

ගණුදෙනුකරුවන් වැඩි වශයෙන් ඔන්ලයින් ගණුදෙනු සඳහා යොමුවීමයි මීට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ.

ලබන වසරේ මාර්තු 17 වනදා වනවිට අදාළ වසා දැමීම් සියල්ල සිදුවනු ඇති.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් NAB ගනුදෙනුකරුවන් දැඩි අප්‍රසාදයක් පළකර තිබෙනවා.

පසුගිය මාස කිහිපයක සිට ප්‍රවණතාවයක් ලෙස පවතින බැංකු ශාඛා වසාදැමීම් පිළිබඳ සෙනෙට් කමිටු විමර්ශනයක්ද මේ වනවිට ක්‍රියාත්මකයි.

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »