Search

ලබන වසරේ අග තෙක් යළි පොළී අනුපාතික ඉහළයාමක් නෑ ?

තවත් සැළකිය යුතු කාලයක් යනතුරු ඔස්ට්‍රේලියාව තුළ පොළී අනුපාතික අගයන්හි ඉහළයාක් සිදුනොවනු ඇති බවට අනාවැකියක් පළවී තිබෙනවා.

ඒ අනුව අවම වශයෙන් ලබන වසරේ 03 වන කාර්තුව දක්වා දැනට පවතින CASH RATE අගය සියයට 4.35 ක් ලෙසම පවතිනු ඇති බව සඳහන්.

OECD සංවිධානය නිකුත් කර ඇති මෙම පුරෝකථනයට පාදකවී ඇත්තේ මෙරට උද්ධමනය පසුගිය මාසයේදී සියයට 4.9 ක් දක්වා පහළයාමයි.

නිවාස ණය සහ උකස් වාරික ගෙවන මිලියන ගණනකට මෙය සතුටුදායක පුවතක් වනු ඇති බවයි පැවසෙන්නේ.

2025 වසරේ අගභාගය වනවිට ඔස්ට්‍රේලියාව තුළ CASH RATE අගය සියයට 3.6 කට අඩුවනු ඇති බවටද මෙ වාර්තාව පුරෝකථනය කරනවා.

කෙසේවෙතත් දැනට සියයට 1.9 ක් ලෙස පවතින මෙරට ආර්ථික වර්ධනය ලබන වසරේදී සියයට 1.4 ක් දක්වා පහළගොස් නැවතත් 2025 වසරේදී සියයට 2.1 ක් දක්වා ඉහළ යනු ඇති බවටයි අනාවැකි පළවී ඇත්තේ.